බප/ගම්/කොස්සින්න ශ්‍රී සීලානන්ද මහා විද්‍යාලය

WhatsAppImage2022-12-15at90504AM.jpeg
2024-02-16.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

1872 ජූලී 01 දින ළමුන් කීප දෙනෙකු සමඟ කුඩා පොල් අතු කුටියක කුඩා පාසලක් ලෙස කොස්සින්න රජයේ සිංහල පාසල ආරම්භ විය. මෙහි ආරම්භක විදුහල්පතිවරයා වූයේ එම්. පබිලිස් පෙරේරා මහතාය. මෙසේ ආරම්භ වූ කොස්සින්න රජයේ සිංහල පාසලේ සුවිශේෂමය අවස්ථාව ලෙස 1947 වර්ෂයේ දී ශ්‍රී සීලානන්ද මාහිමියන් විසින් පාසල සඳහා ඉඩමක් පරිත්‍යාග කිරීම දැක්විය හැක. ඉන්පසු 1972 පෙබරවාරි 15 වන දින ශ්‍රී සීලානන්ද මහා විද්‍යාලය තත්ව නාමයක් ලැබීම තවත් සුවිශේෂි අවස්ථාවකි. සියනෑ කෝරලයේ ප්‍රධාන සංඝනායක තනතුර හෙබ වු ශ්‍රී සීලානන්ද මහා නාහිමියන්ගෙන් ලැබුන අක්කර එකක ඉඩමක් හා ගම්වැසියෙකුගෙන් රජය විසින් මිලදී ගත් අක්කර 1.5 ක ඉඩම ද ශ්‍රී සීලානන්ද මහා විදුහල් භූමියට අයත්ව පවතී. පාසලට ඉඩම ලැබීමෙන් පසු විදුහල එහි ස්ථිර ගොඩනැගිලි තුළට ගෙනඑන ලදී. එකල ස්ථිර ගොඩනැගිල්ලක් පාසල සතුවිය. ඉන්පසු, තවත් වසර ගණනකට පසු තවත් ස්ථීර ගොනැගිල්ලක් පාසලට ලැබුණි. මෙසේ දිගු කාලයක් තුළ දි ලැබූ ප්‍රගතිය පිටුපස උදාර ගතිගුණ ඇති මහත්වරු රැසක්ම සිටිබව නොරහසකි. මෙසේ, දිනෙන් දින ටිකෙන් ටික දියුණුවට පත් වූ ශ්‍රී සීලානන්ද මහා විදුහලට ගොඩනැගිලි කිහිපයක්ද 1990 දී දර්ශනීය බුදු මැදුරක් ලැබීමද ඉතා වැදගත් සිදුවීමකි. 1992 දී දෙමහල් ගොඩනැගිල්ලක්ද පාසලට හිමි විය. ඒසේම, 2005 දි පාසලට නව පුස්තකාල ගොඩනැගිල්ලක් ලැබුණු අතර 2019 දී ඒළිමහන් ක්‍රීඩාගාරයක්ද ඉදිකර ඇත.

නැණ ගුණ දමින් හා සුරුවිරුකමින් සුපෝෂිත පුරවැසියකු බිහිකිරීම.

දැක්ම

සහ

මෙහෙවර

අප වෙත භාරදෙන දරුවන්ගේ ශක්තීන්, විභ්‍යතාවන්, පෞරුෂවයන් උපරිම අන්දමින් දියුණු කරමින් හිස, හදවත හා අත යන විවිධ අංශ සමතුලිත ලෙස වර්ධනය කිරීම තුළින්, ගුණ නැණ සපිරි, නීති ගරුක, සදාචාර සම්පන්න නිර්මාණශීලී දරු පරපුරක් බිහි කිරීම අපගේ අරමුණයි

2nd Term Test 2024 (Grade 6- 7)

2nd Term Test 2024 (Grade 8- 9)

2nd Term Test 2024 (Grade 6- 7)

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

බප/ගම්/කොස්සින්න ශ්‍රී සීලානන්ද මහා විද්‍යාලය