බප/ගම්/කොස්සින්න ශ්‍රී සීලානන්ද මහා විද්‍යාලය

නිර්මාතෘවරු

2nd Term Test 2024 (Grade 6- 7)

2nd Term Test 2024 (Grade 8- 9)

2nd Term Test 2024 (Grade 6- 7)

page-header-1900x320.jpeg
Slide
page-header-1900x320.jpeg

1872 ජූලි 01 දින ළමුන් කීප දෙනෙකු සමඟ කුඩා පොල් අතු කුටියක කුඩා පාසලක් ලෙස කොස්සින්න රජයේ සිංහල පාසල ආරම්භ විය. මෙහි ආරම්භක විදුහල්පතිවරයා වූයේ එම්. පබිලිස් පෙරේරා මහතාය. මෙසේ ආරම්භ වූ කොස්සින්න රජයේ සිංහල පාසලේ  සුවිශේෂමය අවස්ථාව ලෙස  1947 වර්ෂයේදි ශ්‍රී සීලානන්ද මාහිමියන් විසින් පාසල සඳහා ඉඩමක් පරිත්‍යාග කිරීම දැක්විය හැක. ඉන්පසු  1972 පෙබරවාරි 15 වන දින ශ්‍රී සීලානන්ද මහා විද්‍යාලය  තත්ව නාමයක් ලැබීම තවත් සුවිශේෂි අවස්ථාවකි.

සියනෑ කෝරලයේ ප්‍රධාන සංඝනායක තනතුර හෙබ වු ශ්‍රී සීලානන්ද මහා නාහිමියන්ගෙන් ලැබුන අක්කර එකක ඉඩමක් හා ගම්වැසියෙකුගෙන් රජය විසින් මිලදී ගත් අක්කර 1.5 ක ඉඩම ද ශ්‍රී  සීලානන්ද මහා විදුහල්  භූමියට අයත්ව පවතී. පාසලට ඉඩම ලැබීමෙන් පසු විදුහල එහි ස්ථිර ගොඩනැගිලි තුළට ගෙනඑන ලදී. එකල ස්ථිර ගොඩනැගිල්ලක් පාසල සතුවිය.ඉන්පසු, තවත් වසර ගණනකට පසු තවත් ස්ථීර ගොනැගිල්ලක් පාසලට ලැබුණි.  මෙසේ දිගු කාලයක් තුළ දි ලැබූ ප්‍රගතිය පිටුපස උදාර ගතිගුණ ඇති මහත්වරු රැසක්ම සිටිබව නොරහසකි.